7 ශ්‍රේණිය

කාටුන් නිර්මාණ


කාටුන් නිර්මාණවල සරල හා ව්‍යුක්ත හැඩ, ද්විමාන හා ත්‍රිමාණ ලක්ෂණ, වර්ණ, රේඛාකරණය වැනි චිත්‍රමය ලක්ෂණ දැක ගත හැකි ය.
විවිධ රූප පරිගණක තාක්ෂණයෙන් සජීවීකරණයට ලක් කිරීමෙන් කාටුන් නිර්මාණය කර ඇත.
ළමා මනසට උචිත ආකර්ෂණීය හැඩතල හා වර්ණ භාවිත කර ඇත.
හාස්‍ය හා විශ්මය මතු කිරීමට මන්දගාමී හා අධිවේගී චලන යොදා ගනු ලැබේ.
අප අවට ඇති පරිසරයේ ස්වාභාවික හා නිර්මිත වස්තු කාටූන් නිර්මාණවල දී සජීවී චරිත ලෙස ඉදිරිපත් කර ඇති අතර, හැඟීම් ප්‍රකාශනයෙන් ද යුක්ත වේ.
කාටුන්වල සාර්ථකත්වය සඳහා කතාව, දෙබස්, පසුබිම් සංගීතය හා ගීත නිර්මාණ උපකාර කර ගනී.
දොස්තර හොඳ හිත, පිස්සු පූසා,හා හා හරි හාවා, කූඹිච්චී, දඟර වලිග ලප වානර, වළස් මාමා කුඩා දරුවන් අතර සිත් ගත් කාටුන් නිර්මාණ කිහිපයකි.

දොස්තර හොඳ හිත

පිස්සු පූසා

හා හා හරි හාවා

කූඹිච්චී


දඟර වලිග ලප වානර


 වළස් මාමා


රූකඩ නිර්මාණ



රූකඩ කලාව ප්‍රාසංගික කලාවකි.
රූකඩ නිර්මාණ සඳහා භාවිත කරන මාධ්‍යය හා ක්‍රියා කරවීමේ ස්වරූපය අනුව වර්ග කර  ඇත.
නූල් රූකඩ, අත් රූකඩ, සෙවණැලි රූකඩ, රිටි රූකඩ හා ඇඟිලි රූකඩ ලෙස ප්‍රධාන රූකඩ වර්ග පහකි.
නූල් රූකඩ

අත් රූකඩ 


සෙවණැලි රූකඩ 


රිටි රූකඩ  

ඇඟිලි රූකඩ
නූල් රූකඩ කලාව ශ්‍රී ලංකාවේ පාරම්පරික ව පැවත එන ජන කලාවකි.
රූකඩ නාට්‍ය ජනප්‍රිය කලාවක් වන අතර එම නාට්‍ය මගින් ඓතිහාසික හා කාලීන සිදුවීම් නාට්‍යානුසාරී ව ඉදිරිපත් කෙරේ.
ඓතිහාසික කතා පුවත් අතර ඇහැලේපොළ, සිරිසඟබෝ, අජාසත්ත, කාලගෝල, පටාචාරා, අංගුලිමාල හා වෙස්සන්තර වැනි කතා පුවත් විශේෂ වේ.
ඇහැලේපොළ කතා පුවතේ අවස්ථාවක්

පසුබිම් සංගීතය, ගීත, දෙබස්, ආලෝකකරණය වැනි අංග රූකඩ නාට්‍යවල ගුණාත්මක හා කලාත්මක බව සඳහා ඉවහල් වේ.
රූකඩ නිර්මාණයට කදුරු හෝ රුක්අත්තන ලී, රෙදි, නූල්, යකඩ ඇණ, ටයර් ටියුබ්, පබළු වර්ග, සායම් වර්ග භාවිත කරයි.
බයිසිකල් ටියුබ් භාවිත කරමින් නූල් රූකඩවල අත්, පා, හිස චලනය වන ආකාරයෙන් කොටස් සම්බන්ධ කිරීම සිදු කරයි.
අත් රූකඩ ඉතා සරල ද්‍රව්‍ය හා උපකරණ භාවිතයෙන් නිර්මාණය කර ගත හැකි ය. ඒ සඳහා රෙදි, අත් මේස්, බොත්තම්, පබළු, නූල්, මැලියම්. කම්බි වැනි ද්‍රව්‍ය යොදා ගැනේ.


නූල් රූකඩ නටවන ආකාරය


ශ්‍රී ලංකාවේ ස්තූපවල ඓතිහාසික පසුබිම


ථූපාරාමය


ථූපාරාමය, ශ්‍රී ලංකාවේ ඉදි කළ පළමු ස්තූපය ලෙස සැලකේ.
අනුරාධපුර යුගයට අයත් ය.
ක්‍රි.පූ. 3වන සියවසට අයත් වන අතර, දේවානම්පිය තිස්ස රජතුමා විසින් ඉදි කරවා ඇත.
ස්තූපයේ හැඩය ඝණ්කාඨාර ය.

වංශ කතාවලට අනුව බුදු රජාණන් වහන්සේගේ අකු ධාතුව (ග්‍රීවාස්ථීය) මෙහි තැන්පත් කර ඇත.
අඩි 63ක් පමණ උසින් යුතු මෙම ස්තූපය වටා ලජ්ජිතිස්ස රජතුමා විසින් වටදාගෙයක් (ථූපඝරයක්) ගොඩ නඟන ලදි.
දැනට ශේෂව ඇති කැටයම් කරන ලද ශිීර්ෂ සහිත ගල් කණු මත ශිඛරයකින් යුත් අර්ධ ගෝලාකාර පියස්සක් සහිත ව වටදා ගෙය ඉදි කර තිබෙන්නට ඇත.


රුවන්වැලි මහා සෑය



අනුරාධපුර යුගයට අයත් මෙම ස්තුපය දුටු ගැමු ණු රජතුමා විසින් කරවන ලද්දකි.
බුදු රජාණන් වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කර බුබ්බුලාකාර හැඩයෙන් නිර්මාණය කර ඇත.
අඩි 350ක් උස්වන අතර ස්තූපය පිහිටි චතුරස්‍රාකාර වේදිකාවේ කුඩා ස්තූප 04ක් නිර්මාණය කර ඇත.
වැලි මළුව වටා ඇති ඇත් පවුර ඉතා විශිෂ්ට නිර්මාණයකි.
අලංකාර මල් ලියකම් සහිත වාහල්කඩ සතරක් ස්තූපය සතර පැත්තේ පිහිටුවා ඇත.
බුද්ධ ප්‍රතිමා, රජ ප්‍රතිමා දෙකක්, බිසවකගේ ප්‍රතිමාවක් සහ රුවන්වැලි මහා සෑයේ ආකෘතියක් චෛත්‍ය මළුවේ නිර්මාණය කර ඇත.



අභයගිරිය



අනුරාධපුර යුගයට අයත් මෙම ස්තූපය ධාන්‍යාකාර හැඩයෙන් යුක්ත වන බව වර්තමාන පිළිගැනීම යි.
ක්‍රි. පූ. 1වන ශත වර්ෂයේ දී වට්ට ගාමිණි අභය (වළගම්බා) රජු විසින් ඉදි කරන ලද්දකි.
ගිරි නමැති නිඝණ්ඨාරාමය තිබූ ස්ථානයේ ඉදි කළ නිසා  මෙම ස්තූපය අභයගිරිය නම් විය.
උත්තර චෛත්‍ය, අභය, අභාගිරි, භයාගිරි වැනි නම්වලින්  ද හඳුන්වන මෙම ස්තූපය අඩි 235ක් පමණ උසින් යුතු වේ.
මුල් අවදියේ දී ස්තූපයේ කොත් කැරැල්ල වෙනුවට ඡත්‍රාවලියක් සහ ඒවා දරා සිටි යූපය නම් ශෛලමය ස්ථම්භයක් තිබී ඇත.
ස්තූපයේ  පිවිසුම් දොරුවෙහි සඳකඩ පහණ දෙපස පිහිටුවා ඇති සංඛ නිධි සහ පද්ම නිධි බහිරව රූප කලාත්මක නිර්මාණයෝ වෙති.



ජේතවනය


අනුරාධපුර යුගයට අයත්වන මෙම ස්තූපය ධාන්‍යාකාර හැඩයෙන් යුක්ත වේ.
බුදු රජාණන් වහන්සේගේ පටි ධාතුව තැන්පත් කර මහසෙන් රජතුමා විසින් ක්‍රි.ව. 276 - 303 අතර කාලයේ දී නිර්මාණය කරවා ඇත.
චතුරස්‍රාකාර වේදිකාවක් මත ඉදි කර ඇති ස්තූපයේ උස අඩි 400ක් පමණ වේ.
දාගැබ වටා වාහල්කඩ 4ක් ඇති අතර සලපතල මලූවට ඇතුළු වීම සඳහා දිශා සතරෙහි දොරටු 4ක් නිර්මාණය කර ඇත.
ගඩොලින් නිර්මාණය කර ඇති මෙවැනි වර්ගයේ අවශේෂ ස්මාරක අතර ලෝකයේ දැනට නටබුන් ව පවත්නා උස ම පූජනීය ගොඩනැගිල්ල මෙය වේ.

රන්කොත් වෙහෙර


පොළොන්නරු යුගයට අයත් මෙම ස්තූපය පිහිටා ඇත්තේ ආලාහන පිරිවෙන් භූමියට බටහිර දිශාවෙහි ය.
නිශ්ශංක මල්ල රජතුමා විසින් ඉදි කරවා ඇත.
බුබ්බුලාකාර හැඩයෙන් යුතු ස්තූපයේ උස අඩි 200ක් පමණ වේ.
දාගැඛෙහි සතරැස් කොටුවේ මුහුණත්වල අටපෙති නෙළුම් මල් දක්වා තිබීම විශේෂත්වයකි.
ස්තූපයේ 8 කොනෙහි පිළිම ගෙවල් 8ක් සහ සතර දිශාවේ මල් ලියකම්වලින් යුත් වාහාල්කඩ සතරකි.

කැලණි දාගැබ


මුල් ස්තූපය අනුරාධපුර යුගයට අයත් ය.
වරින්වර ප්‍රතිසංස්කරණයට ලක් වූ අතර 20වන සියවසේ දී වර්තමාන තත්ත්වයට ප්‍රතිසංස්කරණය කර ඇත.
මනිඅක්ඛිත නා රජුගේ ඇරයුමින් බුදු රජාණන් වහන්සේ කැලණියට වැඩම කර ධර්මය දේශනා කළ අවස්ථාවේ වැඩ සිටි මිණි පලඟ තැන්පත් කර මෙම ස්තූපය නිර්මාණය කර ඇත.
අඩි 90ක් පමණ උසින්  යුත් මෙම දාගැබේ වර්තමාන හැඩය ධාන්‍යාකාර ය.
ස්තූපයේ සතර දිශාවේ මලසුන් ගෙවල් සහිත වාහල්කඩ සතරක් වේ.


තල් කොළ නිර්මාණ




(තල්කොළ පැදුරු)
තල් කොළ නිර්මාණ කර්මාන්තයක් ලෙස ව්‍යාප්ත ව ඇත්තේ උතුරු නැගෙනහිර පළාත් මුල් කර ගෙන ය.
ද්‍රවිඩ ජනතාවගේ පාරම්පරික කලා කර්මාන්තයකි.
මඩකලපුව හා යාපනය දිස්ත්‍රික්කවල මෙම කලා කර්මාන්තය බහුල ව දැක ගත හැකි ය.
තල් ගසෙන් ලබා ගන්නා පත්‍ර මෙම නිර්මාණ සඳහා භාාවිත කරන ප්‍රධාන මාධ්‍යය වේ.
තල් කොළ නිර්මාණ අතර පැදුරු, පෙට්ටි, කුල්ල, කඩහම්, කුට්ටාන්, බිත්ති සැරසිලි, ආභරණ හා වෙනත් විවිධ සාම්ප්‍රදායික හා නවීන නිර්මාණ දැක ගත හැකි ය.
 (තල්කොළ බිත්ති සැරසිල්ලක්)
 (තල්කොළ වට්ටි හා කූඩ)
(තල්කොළ  මලු හා මේස දරණු)
 (විසිතුරු මල් නිර්මාණ)
(තල්කොළ විලාසිතා ආභරණ)

තල් කොළ පැදුරු සඳහා සියඹලා ඇට රටාව, තරු රටාව, සතරැස් රටාව, මහා කෝණී ත්‍රිකෝණ රටාව, තිත් රටාව, ජ්‍යාමිතික රටා, ගිරවා, මල්, පුසාන්දිරම් (මල් වැලි) වැනි රටා හා මෝස්තර යොදා ගනු ලැබේ.
නිර්මාණ සඳහා භාවිත කරන තල් කොළ වර්ණ ගැන්වීමේ දී සාම්ප්‍රදායික ක්‍රමයට ජලයට වර්ණ මිශ්‍ර කර තල් කොළ දමා තම්බා ගැනීමෙන් පසු වියළා ගනු ලබයි .

නියඳ  සහ පන් කලා නිර්මාණ

නියඳ පැදුරු නිර්මාණය අතීතයේ සිට පැවත එන ගැමි කලා කර්මාන්තයකි.
දුම්බර ප්‍රදේශය මේ සඳහා ප්‍රසිද්ධියක් උසුලන බැවින් දුම්බර පැදුරු ලෙස ද මෙම නිර්මාණ හඳුන්වයි.
නියඳ  වර්ණ ගැන්වීම සඳහා පතඟි, ගොරකා කොළ, වෙනිවැල් ගැට, අමු කහ, කණේරු, ලූණුමිදෙල්ල කොළ, කොහොඹ, අරළු , බුළු වැනි ද්‍රව්‍ය භාවිත කරයි.
නියඳ පැදුරු නිෂ්පාදනය නියඳ කෙඳි සහ හණ කෙඳි මාධ්‍ය ලෙස භාවිත කරයි.
(හන පත්‍රවලින් කෙඳි ලබා ගැනීම)

(හන කෙඳිවලින් කලාල විවීම)
නියඳ කළාල ප්‍රධාන කොටස් 03කින් සමන්විත වන අතර පන්නම් කළාල, වැඩ කළාල, කුරුළු කළාල යනුවෙන් නම් කර ඇත.
නියඳ කෙඳි හා හණ කෙඳි භාවිතා කර සරල උපකරණයක් භාවිතයෙන් කළාල නිර්මාණය කරයි.
නියඳ කලාව සඳහා තොරන් පෙත්ත, රත්වත්තේ අලංකාරයට, කුරුළු, නාග, ඇත්, සත්ව රූප මෙන් ම තනිවැල් ඉරුව, දෙපොට ලණුව වැනි මෝස්තර යොදනු ලබයි.

පන් පැදුරු කර්මාන්තයේදී පන් වර්ග භාවිතාකොට අතින් වියා පැදුරු නිර්මාණය කරයි.
පන් පැදුරු කර්මාන්තයේ නියැලෙන ශිල්පීන් ‘කින්නරයින්’ ලෙස හඳුන්වයි.
දකුණු කළුතර, ගාල්ල, ගම්පහ, රත්නපුර යන දිස්ත්‍රික්කවල සුළු වශයෙන් මෙම කර්මාන්තය සිදු කරයි.
දකුණේ පන් පැදුරු රටා අතර
කදුරු මල්, 
මකුළු රටාව, 

මාස 12 රටාව, 

මුව රටාව, 

නයි පොරය රටාව, 

වංක ගිරිය රටාව, 
තාරකා පෙත්ත, සත්ත්ව සැරසිලි ආදිය දැක ගත හැකි ය.
මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේනෙයි, හල්ලාරු, කාත්තන්කුඩි, ඒරාවූර් ආදි ගම්මාන පන් පැදුරු කලාවට ප්‍රසිද්ධ ය.
ඔන්ඩිප්පායි (සමචතුරස්‍රයක්, සාජුකෝණාස්‍රයක්, ත්‍රිකෝණය, වැනි ජ්‍යාමිතික හැඩතල), පුනිප්පායි (සමාන්තර රටා) යනුවෙන් ප්‍රධාන රටා දෙවර්ගයකි. මෙම දෙවර්ගයේ  රටා යොදාගෙන විවිධ රටා ගණනාවක් යොදා පැදුරු නිර්මාණය කරයි.





(මඩකලපුව පන් පැදුරු රටා)


ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිත්තම්

උතුරු මැද හා නැගෙනහිර ප්‍රදේශවල ගුහා සිත්තම් රාශියක් හමු වී ඇත.
ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම් සඳහා  මානව රූප, අලියා, දිවියා, කිඹුලා, පත්තෑයා. තලගොයා, වැනි සත්ත්ව රූප වස්තු විෂය වී ඇත.
චිත්‍ර නිර්මාණයේ දී භාවිත කර ඇති ශිල්ප ක්‍රම කිහිපයකි.
රේඛාමය සටහන් ඇඳීම
ලී කැබැල්ලකින් හෝ ඇඟිල්ලෙන් සායම් තැවරීම
සීීරීමෙන් මතු කිරීම
අඟුරු, කිරිමැටි, සත්ත්ව ලේ, හිරිගල්, මැලියම් හෝ සත්ත්ව ලේ සමඟ මිශ්‍ර කර භාවිත කර ඇත.


තන්තිරිමලේ ගුහා සිත්තම්

ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වේ.
දුනුවායා, සතෙකුගේ පිට උඩ යන මිනිස් රුව වැනි චිත්‍ර වැදගත් ය.
මෙහි ඇති තලගොයෙකු ලෙස අනුමාන කර ඇති රූප සටහන සුවිශේෂ වේ.
 (සතෙකුගේ පිට මත මිනිසා)
 (තලගොයා)
 (දුනුවායා)
 (කණ්ඩායම් සම්පිණ්ඩණය/ කොටුවක් තුළ ඇති (නිවසක්) මිනිස් රූප)
 (මිනිස් සහ සත්ත්ව රූප)
(තන්තිරිමලේ ලෙන)

දොරවක ගුහා චිත්‍ර

කෑගල්ල දිස්ත්‍රික්කයේ මල්දෙනිය වතු යායේ පිහිටා ඇත.
අඩි 1500ක් පමණ උස විශාල ගල් පර්වත දෙකකින් සෑදුණු ස්වාභාවික ගල් ගුහාවකි.
ක්‍රි.ව. 1919 දී ජී.එෆ්.ආර්. බ්‍රොහියර් විසින් සොයාගත් අතර පොළොව මට්ටමේ සිට අඩි 6 1/2ක් උසින් චිත්‍ර නිර්මාණය කර ඇත.
ඇතා සහ ඇත් පැටවා නම් චිත්‍රය මෙහි ඇති නිර්මාණ  අතර වැදගත් ය.

මාළුවා සහ මිනිස් රුව, තලගොයා, ඉර හඳ චිත්‍ර ද අනෙකුත් චිත්‍ර වේ.
 (මාළුවා සහ මිනිස්රුව)
(දොරවක ලෙන)

බිල්ලෑව ගුහා චිත්‍ර

උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.
ක්‍රි. ව. 1951 දී එස්. යූ. දැරණියගල විසින් සොයා ගන්නා ලදි.
මෙහි බහු මාධ්‍යයෙන් කරන ලද චිත්‍ර මෙන් ම වර්ණ භාවිතයෙන් අඳින ලද චිත්‍ර ද දැකිය හැකි ය.
ඇත්, ගෝන, මොණර රූප මෙන් ම ජ්‍යාමිතික සංකේත ද සිතුවම් නිර්මාණ අතර වේ.





උද්භිද සැරසිලි මෝස්තර

වෘක්ෂලතා, පුෂ්ප මූලික කර ගනිමින් නිර්මාණශීලී ව සිත්තම් කළ මෝස්තර ඒකක උද්භිද මෝස්තර ලෙස නම් කර ඇත.

ස්වාභාවික හා කල්පිත හැඩ සහිත ව උද්භිද මෝස්තර හඳුනාගත හැකි ය.
ස්වාභාවික උද්භිද මෝස්තර ඒකක - සපුමල, වැටකේ මල, මානෙල් මල
කල්පිත  උද්භිද මෝස්තර ඒකක - කඩුපුල් මල, සීන මල, පරසතු මල, කතිර මල,

මෙම නිර්මාණ විහාර බිතු සිතුවම් මෙන් ම ගල් කැටයම් හා ලී කැටයම් හා වෙනත් විවිධ කර්මාන්තවල සැරසිලි අංග ලෙස භාවිත කර ඇත.

තනි මලේ මෝස්තර ඒකක මෙන් ම නෙළුම් මලේ පෙති නිර්මාණාත්මක ව යොදා ගනිමින් පලා පෙති මෝස්තර රාශියක් ද නිර්මාණය කර ඇත.

වාටියක් හෝ අයිනක් සැරසිලි කිරීම සඳහා පලාපෙති යොදා ගන්නා අතර යොදන ස්ථානය හෝ භාණ්ඩයේ හැඩය අනුව සැරසිලි ඒකකය උචිත ලෙස සකස් කර ගනී.

වෘක්ෂවල මල්, කොළ, ගැට, කරු, ආධාර කර ගනිමින් විවිධ ලියවැල් මෝස්තර නිර්මාණය කර ඇත.

තනිවැල, වැල් දෙක, සරල ව මෙන් ම සංකීර්ණ ව ද ලියවැල් මෝස්තර ගණනාවක් ද හඳුනාගත හැකි ය.
(නෙළුම් මල)

 (සපු මල)
 (වැටකේ මල)
 (කඩුපුල් මල)
 (පිච්ච මල)
 (බිනර මල)
 (කතිර මල)
 (අන්නාසි මල)

 (සීන මල)

 (පලාපෙති)



(ලියවැල)

31 comments:

  1. අගයකලයුතු වැඩක්..ජයවේවා!

    ReplyDelete
  2. ස්තූතියි..! මමත් ප්‍රයෝජනයක් ගත්තා..මගේ දුවට 7ශ්‍රේණියේ. ඉදිරියටම කරගෙන යන්න.කාටත් ප්‍රයෝජනයක් වේවි..!
    අතීතයේ බ්ලොග් එකක් කලත් දැන් කෙරෙන්නෙ නෑහැ..ඒ නිසා අගය කරමි.

    ReplyDelete
  3. ස්තුතියි..මගේ පුතාට ප්‍රස්නයකට පිලිතුරක් අපේක්ෂා කරම් කඩුපුල් මලට කියන්නසිංහල නමක් තිබෙනවද ?...

    ReplyDelete
  4. ඇත්තටම හොද වැඩක් *****

    ReplyDelete
  5. මට හරිම උදවුවක් වුනා. විෂය බාහිර ද‌ේවලුත් තිබ්බනං හ‌ොදයි.

    ReplyDelete
  6. gokkola nirmanath danna plwnda

    ReplyDelete
  7. ස්තූතියි ඔබට

    ReplyDelete
  8. පැදුරු නිර්මාණයට වැටකෙයියා කොල ගන්නවාද?එය සකසා ගන්නේ කෙසේද

    ReplyDelete
  9. ගොඩක් ස්තුතියි ...

    ReplyDelete
  10. Oyalata anith padamuth danna puluvan neda???

    ReplyDelete
  11. විශිෂ්ටයි

    ReplyDelete
  12. මේ අවස්තාවේ මේක ගොඩක් වටිනව .අපේ දරුවන්ට.බොහොම ස්තූතියි

    ReplyDelete
  13. වවෙයෙවවෙයෛයෙමෙයයෙහෙරහවවරමමැමමෙවෙවෙනෙනෙනෙවෙනෙනෙනෛනෙකොනානාාසෙඩසසෙසෙසෙසෙ⁣ෛසෙසඩසඩසසසසඩසසඩඩඩසඩසඩසඩසසඩසඩසසඩසඩසසඩසඩසඩසසඩසඩසඩසඩසසසසෙසසෙසෙසෙසසෙසෙසෙසසෙසසසසෙසෙසසෙසසෙසෙසසසෙස

    ReplyDelete
  14. බොහෝම ස්තූතිය

    ReplyDelete
  15. බොහොම ස්තුතියි මේ කරන සත්කරයට, මට පුංචි ප්‍රශ්නයක් තියෙනවා
    දේවරුපවල පසුබිම සදහා පිච්ච මල යොදා ගන්නවද?

    ReplyDelete
  16. සුපිරි ❤️‍🔥❤️‍🔥❤️‍🔥😍😙😙

    ReplyDelete