6 ශ්‍රේණිය

බෞද්ධ ස්තූපය

බෞද්ධ ස්තූපය අංග 08කින් සමන්විත ය.
සිළුමිණ, කොත, කොත් කැරැල්ල, දේවතා කොටුව, සතරැස් කොටුව, ධාතු ගර්භය, පේසා වළලූ, පාදම එම අංග 08 වේ.
ශ්‍රී ලංකාවේ චෛත්‍යවල සතරැස් කොටුව ඉන්දියාවේ සාංචි ස්තූපයේ හඳුන්වා ඇත්තේ හර්මිකාව යනුවෙනි.
(සාංචි ස්ථූපය)

ගර්භයේ හැඩය අනුව චෛත්‍ය වර්ග කර ඇත. ඒ අනුව ප්‍රධාන චෛත්‍ය වර්ග 06කි.
ධාන්‍යාකාර චෛත්‍ය - වී ගොඩක හැඩය (කැලණි චෛත්‍යය)
බුබ්බුලාකාර චෛත්‍ය - දිය බුබුලක හැඩය (රුවන්වැලිසෑය)
ඝණ්ඨාකාර චෛත්‍ය -ඝණ්ඨාරයක හැඩය ඇති (ථූපාරාමය, මහියංගන චෛත්‍යය)
 ඝඨාකාර චෛත්‍ය - මුනින් නවන ලද කළයක හැඩය ඇති (මිරිසවැටිය)
අම්ලාකාර චෛත්‍ය - නෙල්ලි ගෙඩියක හැඩය ඇති
පද්මාකාර චෛත්‍ය - නෙළුම් මලක හැඩය ඇති

හින්දු කෝවිල


හින්දු භක්තිකයන්ගේ පූජනීය ස්ථානය වන හින්දු කෝවිලෙහි බිම් සැලැස්ම ප්‍රධාන කොටස් 04කින් යුක්තය. ඒවා නම්
- මණ්ඩපය
- ගෝපුරම්
             - ප්‍රදක්ෂිණා පථය
  - ගර්භ ගෘහය

ගෝපුරම් හෙවත් ගෝපුර ලෙස හැඳින්වෙන ගෘහ නිර්මාණ අංගය හින්දු කෝවිලක පිවිසුම් දොරටුවේ ඉහළින් ඇති කේතුවක හැඩයෙන් යුතුව නිර්මාණය කර ඇති අතර එය විමාන, අට්ටාල හා සිලින්ඩරාකාර පැන්නුම් කුලූනු වලින් සමන්විත ය.
හින්දු දේවාලයේ ඇතුළත ගර්භ ගෘහය නමින් හඳුන්වන කොටසේ කුඩා හින්දු දේවාලයක හැඩය ගත් කලා අංගයක් වේ. එය කොටස් 07කින් සමන්විත ය.
- තුබී (ථූපය)
 - උපරි ව්‍යුහය
    - සිඛරම් (සිඛරය)
- පිරස්තලම්
- පාදවර්නම්
- අධිෂ්ඨානම්
           - උප පීඨම් (උප පීඨය)



ශ්‍රී ලංකාවේ හින්දු ගෘහ නිර්මාණ කලාව කෙරෙහි  දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ කලාව බලපා ඇත.
බොහෝ ශිව දේවාල තුළ කළු ගලින් නිමවන ලද ශිව දෙවියන්ගේ වාහනය වන නන්දි ගවයාගේ රුව දැක ගත හැකි ය.

ඉස්ලාම් පල්ලිය


• ඉස්ලාම් පල්ලිය ඉස්ලාම් මස්ජිදය යනුවෙන් ද හඳුන්වයි.
• කුෆා යනුවෙන් හැඳින්වෙන උල් වූ තුඩක් සහිත ගෝලාකාර විශාල ශිඛරය එහි විශේෂ ගෘහ නිර්මාණ අංගයයි.
• මිනාර් හෙවත් මිනරෙට් යනුවෙන් හඳුන්වන ඉස්ලාම් පල්ලියේ දෙපස ඉදිකර ඇති ගෝලාකාර ශිඛර සහිත කුලූනු විශේෂ ගෘහ නිර්මාණ අංගයකි.
• සෑම කුලූනක් මුදුනේ ම ඇති ශිඛර මත අඩ සඳ සහ තරුව ඇතුළත් සංකේතය මූර්තිමත් කර ඇත.
• ඉස්ලාම් පල්ලිවල චිත්‍ර සහ ප්‍රතිමා නිර්මාණ දක්නට නොලැඛෙන අතර ඉස්ලාම් ආගමික ග්‍රන්ථය වන කුරානයේ ඇති පාඨ අරාබි බසින් පල්ලියේ බිත්ති මත සටහන් කර ඇත.
•මෙම විචිත්‍ර අකුරු ලිවීමේ කලාව කැලිග්‍රැෆි (Calliography) නමින් හඳුන්වයි.

ක්‍රිස්තියානි දේවස්ථානය



16 සියවසේ දී පෘතුගිසීන්ගේ පැමිණීමත් සමඟ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල ක්‍රිස්තු දහම ව්‍යාප්ත වීම හේතුවෙන් ක්‍රිස්තියානි දේවස්ථාන ඉදි විය.
රෝමානු සහ ගොතික් නිර්මාණ ශෛලීන් දෙක අනුව ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි දේවස්ථාන නිර්මාණය වී ඇත.
රෝමානු ක්‍රමයේ දේවස්ථාන බොකු වහල හා රවුම් ආරුක්කුවලින් සමන්විත ය. ප්‍රධාන දොරටුවට ඉහළින් රෝස් වින්ඩෝස් යනුවෙන් හඳුන්වන අංලකාර වීදුරුවලින් නිමවා ඇති කවුළුවක් වේ.
ගොතික් ක්‍රමයේ දේවස්ථාන තුඩු සහිත ආරුක්කුවලින් හා දෙපසට දළ බෑවුම් ඇති වහල සහිතව නිර්මාණය කර ඇත.

මෙම දේවස්ථානවල තුඩු සහිත කවුළුවල ක්‍රිස්තියානි ආගමට අයත් විවිධ අවස්ථා හා චරිත නිර්මාණය කර ඇත්තේ වර්ණවත් වීදුරුවලිනි. මෙම නිර්මාණ රංජිත වීදුරු නමින් හඳුන්වයි.



ක්‍රිස්තියානි දේවස්ථානයේ බිම් සැලැස්ම කුරුසයක හැඩය ගනී. අල්තාරය, කාමර. දිග්ශාලාව, කුලූනු, බයිබලය කියවන ස්ථානය හා පිවිසුම් දොරටුව යන අංගවලින් සමන්විත වේ.

දිග් ශාලාවේ කොණක අල්තාරය හෙවත් පූජාසනය අලංකාර වැටක් සහිත ව නිර්මාණය කර ඇත.එයට පිටු පස බිත්තිය චිත්‍ර, කැටයම් හෝ රංජිත වීදුරුවලින් ක්‍රිස්තු චරිතයේ අවස්ථා හා සිද්ධි නිරූපණය කර ඇත.

සිංහල සැරසිලි මෝස්තර


පැරණි චිත්‍ර ගුරුවරයා සිය ගෝලයාට අභ්‍යාස කරවීම සඳහා යටිපෝරුව නම් උපකරණය භාවිත කර ඇත.
මුලින් ම උගන්වන ලද අභ්‍යාසය වක දෙක නම් සැරසිලි ඒකකය වන අතර එය ක්‍රමයෙන් ලියපත හා තිරිඟිතලයදක්වා ව්‍යාප්ත කර ඇඳීමට පුහුණු කර ඇත.


සිංහල සැරසිලි මෝස්තර දිව්‍ය, සත්ත්ව, උද්භිද සහ නිර්ජීවි යනුවෙන් වර්ගීකරණයක් වේ.
දිව්‍ය - ඉර සහ සඳ  

සත්ත්ව - සිංහයා, හංසයා, මකරා, ගජසිංහ, නරසිංහ

උද්භිද - මල් මෝස්තර හා ලියවැල් මෝස්තර  
නිර්ජීවි - අරිම්බුව, ගල්බිංදුව, කුන්දිරක්කන්, පනාව, තනිපට ලණුව, දෙපට ලණුව












22 comments:

  1. most important n very use ful..

    ReplyDelete
  2. Chithra klaawe mulikanga gana note ek den plwnda mdam

    ReplyDelete
  3. Madam 6 wasare Anith notes tika dannako

    ReplyDelete
  4. ගොඩක් වැදගත් තොරතුරු ටිකක්

    ReplyDelete
  5. ගොඩක් ප්‍රයෝජනවත් වුණා . බොහෝම ස්තූතියි !

    ReplyDelete
  6. Thank you this is so usefull

    ReplyDelete
  7. very useful. Thank you very much....

    ReplyDelete