10 ශ්‍රේණිය



චිත්‍ර ශිල්පීන්

එම්. සාර්ලිස්

•    කොළඹ යුගයේ චිත්‍ර ශිල්පියෙකි (නූතන යුගය)

•    යටත් විජිතකරණය තුළ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වි තිබූ බි්‍රතාන්‍ය රැජිනගේ රූප වෙනුවට බෞද්ධ චිත්‍ර සිංහල බෞද්ධ ජනතාව අතර ජනප්‍රිය කිරීමට පුරෝගාමි වූ ශිල්පියා ය.

•    පියුම් පිට වැඩීම, සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, ශිල්ප දැක්වීම, සිදුහත් හා යසෝදරා සරණමංගල්‍ය, සිවලී මහා රහතන් වහන්සේ මොහු ගේ නිර්මාණ කෘති කිහිපයකි.

•    සාර්ලිස් ශිල්පියාගේ සිතුවම් කොටස් දෙකක් යටතේ හ`දුනාගත හැකි ය.

ලිතෝ මුද්‍රිත චිත්‍ර

විහාර සිතුවම් - කොළඹ මාලි`ගාකන්ද විහාරය, ඉ`දුරුවේ යාලගම විහාරය, මතුගම පාන්තිය ශ්‍රී මංගල විහාරය, පොතුපිටිය පූර්වාරාමය


මොහුගේ සිතුවම්වල දැකගත හැකි කලා ආභාස -

බටහිර/අපරදිග ස්වාභාවිකවාදී චිත්‍ර ශෛලියේ ආභාසය

පෙරදිග ඉන්දියානු වස්ත්‍රාභරණ

පුනරුද යුගයේ චිත්‍ර ශිල්පීන් අ`දින ලද මරියතුමිය හා ෙජ්සු බිලි`දා දැක්වෙන චිත්‍රවල ආභාසය



එම්. සාර්ලිස් ශිල්පියාගේ සිතුවම්වල පොදු ලක්ෂණ

මනා සම්පිණ්ඩනය

පර්යාවලෝක ලක්ෂණ

එළිය - අ`දුර, ත්‍රිමාණ ලක්ෂණ

දීප්තිමත් වර්ණ භාවිතය

විචිත්‍ර සැරසිලිකරණය

බටහිර ස්වාභාවික ශෛලියේ ආභාසය

 


සිදුහත් කුමරු හා මව් බිසව






•    එම්. සාර්ලිස් ශිල්පියාගේ ලිතෝ මුද්‍රිත සිතුවමකි.
•    අපරදිග සහ බටහිර ස්වාභාවික චිත්‍ර ශෛලියේ ආභාසය දැක ගත හැකි ය.
•    අපරදිග සහ බටහිර ස්වාභාවිකවාදී චිත්‍ර ශෛලිය අනුගමනය කරමින් රූපවල ත්‍රිමාණ ලක්ෂණ හො`දින් පෙන්වා ඇත.
•    විචිත්‍ර වර්ණ මාලාවකින් එළිය - අ`දුර දක්වා ත්‍රිමාණ ලක්ෂණ මතු කර ඇත.
•    චිත්‍රයේ මැද ‍පෙර බිම සහ පසුබිම දක්වා ඇත. සිදුහත් කුමරු සහ මව් බිසව පෙර බිමේ දක්වා ඇති අතර, පසුබිම දක්වා ඇත්තේ අවකාශාත්මක පර්යාවලෝක ලක්ෂණ සහිත ව ය.

 


පියුම් පිට වැඩීම


•    එම්. සාර්ලිස් ශිල්පියාගේ ලිතෝ මුද්‍රිත සිතුවමකි.
•    රූප රචනා කිරීමේ දී අපරදිග ස්වාභාවිකවාදී චිත්‍ර ශෛලියේ ආභාසය පෙන්නුම් කරයි.
•    ඇ`දුම් පැළ`දුම් හා ආභරණ ස`දහා පෙරදිග ඉන්දියානු සාම්ප්‍රදායික ශෛලියේ ආභාසය ප්‍රකට කරයි.
•    චිත්‍ර අවකාශය ගැඹුර මතු වන සේ පර්යාවලෝක ලක්ෂණ පෙන්වමින් ස්වාභාවිකවාදී ශෛලියකින් ඇ`ද ඇත.
•    අවකාශාත්මක පර්යාවලෝක ලක්ෂණ දැක ගත හැකි ය.
•       ත්‍රිමාණ ලක්ෂණ මතුවන සේ එලිය අ`දුර දක්වමින් වර්ණ ගන්වා ඇත.
•       පෙර බිම, මැදබිම සහ පසු බිම පැහැදිලිව දැක්වෙන සේ සිද්ධි ගණනාවක් චිත්‍රණය කර ඇත.

 

සෝලියස් මෙන්ඩිස්

• නව විහාර බිතු සිතුවම් කලාවක් හදුන්වාදීමට පුරෝගාමී වූ ශිල්පියෙකි

• යුගය -කොළඹ යුගය (නූතන යුගය

• චිත්‍ර නිර්මාණ දක්නට ඇති ස්ථාන
නව කැලණි විහාරය, රණස්ගල්ල විහාරය, ගිරිඋල්ල මැද්දෙපොළ විහාරය, හබරාදූව කැලණිගොඩ විහාරය  පොලොන්නරුව ශ්‍රී විජය විහාරය
• නව කැලණි විහාරයේ බිතු සිතුවම් තේමාත්මකව කොටස් දෙකකි

බුද්ධ චරිතයේ විවිධ අවස්ථා

මහාමායා දේවිය දුටු සිහිනය
වප් ම`ගුල
සිප්සතර හැදෑරීම
සුජාතාවගේ කිරි පි`ඩු දානය


සම්බුද්ධත්වයට පත්වීම
සම්බුද්ධ පරිනිර්වාණය

ඓතිහාසික සිද්ධි

විජය කුමරුගේ ලංකාගමනය
අනුරාධපුර මහා සීමාව බැ`දීම
අ`ඵවිහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම




හේමමාලි කුමරිය හා දන්ත කුමරු ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවීම




සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධි අංකුරය ලක්බිමට වැඩම කරවීම


 
කැලණි විහාරයේ චිත්‍රවල පොදු ලක්ෂණ
රිද්මයානුකූල හා විස්තරාත්මක මානව රූප සම්පිණ්ඩනය
පූර්ණ සියුම් රේඛාකරණය
සියුම් ව ගොඩන`ගන ත්‍රිමාණ ලක්ෂණ සහිත අ`දුරු කහ" දුඹුරු" ක`ඵ" සුදු වැනි වර්ණමාලාවක් භාවිත කිරීම
අ`දුර තුළින් ආලෝකය වඩාත් තීව්‍ර ලෙස මතු කර පෙන්වීමේ සිද්ධාන්තයට ^කියරොස්කූරෝ&සමාන වර්ණ ගැන්වීමේ ලක්ෂණ පෙන්වීම
විශාල අවකාශ මත ක්‍රියාකාරී රූප රැසක් එකට සම්පිණ්ඩනය කිරීම
ටෙම්පරා ශිල්ප ක්‍රමය භාවිත කිරීම


හේමමාලි කුමරිය හා දන්ත කුමරු ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවීම


• සෝලියස් මෙන්ඩිස් ශිල්පියා විසින් නව කැලණි විහාරයේ ඇ`ද ඇති බිතු සිතුවමකි
• ඉන්දියාවේ අජන්තා, එල්ලෝරා හා භාග් වැනි ස්ථානවල කලා නිර්මාණ හා සීගිරි සහ තිවංක පිළිම ගේ චිත්‍රවල අභාසය වී ඇත
• වියළි බදාමය මත චිත්‍ර ඇ`දීමේ ටෙම්පරා ක්‍රමය අනුගමනය කර ඇත
• ශිල්පියාට ආවේණික ස්වීය චිත්‍ර ඇ`දීමේ ශෛලියක් දැක ගත හැකි ය

• සංගත වර්ණමාලාවකින් සියුම් ලෙස ගොඩ න`ගන ත්‍රිමාණ ලක්ෂණ සහිත ය
• අ`දුරු කහ" දුඹුරු" ක`ඵ" සුදු වැනි වර්ණ භාවිතයෙන් අ`දුර තුළින් ආලෝකය වඩාත් තීව්‍ර ලෙස මතු කර දක්වා ඇත




ජෝර්ජ් කීට්



යුගය - කොළඹ යුගය (නූතන යුගය)
අභාසය - හින්දු කලා ආභාසය හා යුරෝපීය පැබ්ලෝ පිකාසෝ ශිල්පියාගේ ඝනිකවාදී චිත්‍ර ශෛලියේ ආභාසය
ශිල්පියාට ආවේණික චිත්‍ර ඇ`දීමේ ශෛලියක් අනුගමනය කිරීම
ජෝර්ජ් කීට් ශිල්පියා විසින් බොරැල්ලේ ගෝතමී විහාරයේ නිර්මාණය කර ඇති බිතු සිතුවම්

- මහාමායා දේවිය දුටු සිහිනය



- සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය


- සරණ මංගල්‍යය

- නළ`ගනන්ගේ විකාර දැකීම

- සතර පෙර නිමිති දැකීම
- මාර පරාජය

රේඛාවට මූලිකත්වය ලබා දෙමින් සෘජු කෙටි වක්‍ර රේඛා සිතුවම් ස`දහා යොදා ගෙන ඇත.
රේඛාවේ ඝනත්වය ද, ත්‍රිමාණ ලක්ෂණ මතු කිරීමට සහය කර ගෙන ඇත.
රතු, සුදු, දුඹුරු. කහ, නිල්, කොළ, යන වර්ණ භාවිතයෙන් සියුම් ව ත්‍රිමාණ ලක්ෂණ දක්වා ඇත.

මාර පරාජය


ජෝර්ජ් කීට් ශිල්පියා විසින් බොරැල්ලේ ගෝතමී විහාරයේ නිර්මාණය කර ඇති බිතු සිතුවමකි.
හින්දු කලා ලක්ෂණ හා පිකාසෝගේ ඝනිකවාදී කලා ලක්ෂණ ආභාසය වී ඇත.
ශිල්පියාට ආෙවිණික ශෛලියකින් සිතුවම නිර්මාණය කර ඇත.
සෘජු කෙටි රේඛා භාවිත කර ජිවමය ගුණය මතු කිරිමට උත්සාහය ගෙන ඇත.
මාර පිරිසට දුඹුරු, අ`ඵ, ක`ඵ වැනි අ`දුරු වර්ණත් බුදු රජාණන් වහන්සේ ස`දහා අ`දුරු කහ වර්ණයත් යොදා ගෙන ත්‍රිමාණ ලක්ෂණ සහිත සිතුවම වර්ණ ගන්වා ඇත.

නායිකා


ජෝර්ජ් කීට් ශිල්පියා විසින් කැන්වසය මත තෙල් සායමින් කරන ලද සිතුවමකි.
බටහිර ඝනිකවාදී කලා ලක්ෂණ හා හින්දු දර්ශනයේ තන්ත්‍රයාන ලක්ෂණ ආභාසය වී ඇත.
නිර්මාණයේ අලංකාරය මෙන් ම ප්‍රකාශන ශක්තිය තීව්‍ර කිරීම ස`දහා රේඛාව ප්‍රබල ව භාවිතයට ගෙන ඇත.
අනුරාගී බවින් යුතු ප්‍රකාශනයකි. පු`ඵල් ඇස්, දෙතොල් ඒ ස`දහා හේතු වී ඇත.

වර්ණ ගන්වා ඇත්තේ අ`දුරු වර්ණ මෙන් ම පැහැදිලි දීප්තිමත් වර්ණ එකට සංකලනය කිරීමෙනි.

ඩේවිඩ් පේන්ටර්



ජයග්‍රාහී ලෙස ජෙරුසෙලමට ඇතු`ඵවීම


කොළඹ ජාතික කලා භවනේ ප්‍රදර්ශනය කර ඇති තෙල් සායම් මාධ්‍යයෙන් කළ සිතුවමකි.
යුරෝපීය ශාස්ත්‍රාලයීය චිත්‍ර කලා ආභාසය සහිත ව ශිල්පියාට ආවේණික ශෛලියකට අනුව නිර්මාණය කර ඇත.
විජයග්‍රාහී බව තීව්‍ර වන සේ මානව රූපයන්හි ඉරියව් හා හැ`ගීම් පිළිබිඹු කර ඇත.
රෝස පැහැයට හුරු දීප්තිමත් වර්ණ මාලාවක් භාවිත කර ඇත.
පෙර බිම, මැද බිම සහ පසු බිම කෙරෙහි සැලකිල්මත් වෙමින් මානව රූප ස්ථාන ගත කර, චිත්‍රයේ ගැඹුර මතුවන සේ පර්යාවලෝක ලක්ෂණ පෙන්නුම කෙරේ.

යහපත් සමරිතානුවරයා


ඩේවිඩ් පේන්ටර් ශිල්පියා විසින් මහනුවර ත්‍රිත්ව දෙව් මැ`දුරේ ඇ`ද ඇති සිතුවමකි.
තෙල් සායම් මාධ්‍යයෙන් නිර්මාණය කර ඇත.
සිතුවමේ මානව රූපවල කායික ඉරියව්වලින් හා මුහුණේ ප්‍රකාශිත හැ`ගීම් මගින් තුවාලකරුගේ වේදනාව හා සහයවන්නාගේ කරුණාව නිරූපිත ය.
මානව රූපවල කායික සුන්දරත්වය මනාව චිත්‍රණය කර ඇත.


තාවඩි මු. තුරෙයිසාමි


සුදු කුකුළා


තාවඩි මු. තුරෙයිසාමි නමැති ශිල්පියා විසින් නිර්මාණය කර ලද සිතුවමකි.
නල්ලුර් සට්ටනාදර් ශිව කෝවිලේ අ`දින ලද්දකි.
යුරෝපීය යථාර්ථවාදී සිතුවම්වල ආභාසය දැක ගත හැකි ය.
වියළි බදාමය මත හනම් ප්‍රෙස්කෝ සිකෝ ශිල්ප ක්‍රමයෙන් චිත්‍රණය වූවකි.
ගාම්භීර පෙනුමක් සහිත ව කුකුළාගේ චලනය තාත්වික ව නිරූපණය කර ඇත.
ළා පැහැයට හුරු දුඹුරු වර්ණාමාලාවක් යොදා ගෙන ඇත.

සුදු අත් සහිත පූජක රුව හා ගණදෙවි රූපය

නල්ලුර් සට්ටනාදර් ශිව කෝවිලේ අ`දින ලද්දකි.
දකුණු ඉන්දීය තන්ජාවූර් සිතුවම්වල ආභාසය දැක ගත හැකි ය.
ස්වාභාවික ව සකස් කර ගත් වර්ණ භාවිතයෙන් වියළි බදාමය මත හනම් ප්‍රෙස්කෝ සිකෝ ශිල්ප ක්‍රමයෙන් චිත්‍රණය වූවකි.
සිතුවමේ පසු බිම ළා වර්ණයෙන් දක්වා ඇත. දුඹුරු වර්ණයේ ප්‍රභේද සිතුවම පුරා දැක ගත හැකි ය.

ශිල්පියාගේ වෙනත් කෘති

තාවාඩි මුරුගන් මූර්ති කෝවිල
- කිරි කාවඩිකරුවා
- වල්ලි දෙව`ගන බිහි කළ මුව දෙන
- වශිෂ්ඨ හා කාරාම්
- කතරගම දෙවියන් මහළු බමුණෙකුගේ වෙස් ගෙන වල්ලි දෙව`ගන බේරීම
- වැදි රූපය


පෙරියතම්බි සුබ්‍රමනියම්


යුගය - නූතන යුගය
ආභාසය - ඉන්දියානු චිත්‍ර ශිල්පී රාජා රවි වර්මාගේ ඓතිහාසික සිද්ධි නිරූපිත සිතුවම්වල ශෛලිය ලක්ෂණ
රවී වර්මාගේ දෘශ්ටි මායා ප්‍රකාශන ශිල්ප ක්‍රමය අනුගමනය කර ඇත.
මෙම ශිල්පියාගේ සිතුවම් ප්‍රදර්ශනය වන ආකාර
- තිර රෙදි මත
- කෝවිල් බිත්ති මත

කෝවිල් චිත්‍ර
- නල්ලුර් කෛලාස පිල්ලෙයාර් කෝවිල
- ඉනුවිල් පරරාසසේකර පිල්ලෙයාර් කෝවිල
- සුදු මලෙයි අම්මන් කොවිල
- වැල්වැටිතුරෙයි සිවන් කෝවිල
- නල්ලුර් වීර කාලි අම්මන් කෝවිල
- වේලණෙයි අම්මන් කෝවිල

අගස්තියර් හා විනරාගර්


පෙරියතම්බි සුබ්‍රමනියම් ශිල්පියා විසින් ඉනුවිල් පරරාසසේකර පිල්ලෙයාර් කෝවිලෙහි ඇ`ද ඇති සිතුවමකි.
හුණු බිත්ති මත එනමල් වර්ණ භාවිතයෙන් නිර්මාණය කර ඇත.
ඉන්දියානු චිත්‍ර ශිල්පී රාජා රවි වර්මාගේ සිතුවම්වල ආභාසය දැක ගත හැකි ය.
අගස්තියර්ගේ කෙණ්ඩියට කපුටෙකුගේ වෙසින් පැමිණි විනයාගර් තට්ටු කළ නිසා එය පෙරළී ගලා ගිය ජලයෙන් හටගත් කාවේරි නදියේ කතා පුවත අවස්ථා 03කින් නිරූපණය කර ඇත.
ත්‍රිමාණ ලක්ෂණ තීව්‍ර වන පරිදි වර්ණවල විවිධ ප්‍රභේද සිතුවම වර්ණ ගැන්වීම ස`දහා යොදා ගෙන ඇත.
පර්යාවලෝක ලක්ෂණ සහිත ය. පසු බිමේ සිට පෙර බිම දක්වා සිතුවමේ අවස්ථා විකාශනය වන සේ දක්වා ඇත.

ඇතා වල්ලිව එළවාගෙන යාම


පෙරියතම්බි සුබ්‍රමනියම් ශිල්පියා විසින් ඉනුවිල් පරරාසසේකර පිල්ලෙයාර් කෝවිලෙහි ඇ`ද ඇති සිතුවමකි.
හුණු බිත්ති මත එනමල් වර්ණ භාවිතයෙන් නිර්මාණය කර ඇත.
වර්ණ තානයන් විවිධත්වයෙන් යොදමින් ත්‍රිමාණ ලක්ෂණ හා පර්යාවලෝක ලක්ෂණ දක්වා ඇත.
එමෙන් ම වර්ණ සංකේතාත්මක ව හා දීප්තිමත් ව යොදා ගෙන ඇත.
ආලෝකය හා අ`දුර යොදා ගනිමින් රූපවල සීමා රේඛාවෙන් නොපෙන්වා උසස් ප්‍රකාශනයක් ගොඩ න`ගා තිබේ.
සිද්ධි දෙකක් එක ම තලයක සමෝධානය වන සේ භූ දර්ශනය නිර්මාණය කර ඇත.
ඇතාගේ භයානක ස්වරූපය ද වල්ලිගේ බිය මුසු හැ`ගීම් නිරූපණය ද මැනවින් චිත්‍රණය කර ඇත.


ලියනාඩෝ ඩාවින්චි



ඉතාලියේ පුනරුද යුගයේ විසූ ප්‍රධාන ශිල්පියෙකි
චිත්‍ර කලාව, ඉංජිනේරු ශිල්පය, ගෘහ නිර්මාණ ශිල්පය, සංගීතය, විද්‍යාව, භූ ගර්භ විද්‍යාව, සැලසුම් ශිල්පය හා මූර්ති ශිල්පය වැනි ෙක‍ෂ්ත්‍ර ගණනාවක ප්‍රවීණයෙකි.
මානව රුවේ කාය ව්‍යවච්ඡේදනය මැනවින් හැදෑරූ අයෙකි.


අවසන් භෝජන සංග්‍රහය

පුනර්ජීවන යුගයට අයත් සිතුවමකි.
ලියෙනාඩෝ ඩාවින්චි ශිල්පියාගේ්  නිර්මාණයකි.
ශාන්ත මරියා ඩෙලා ග්‍රෙසි තාපසාරාමයේ භෝජනාගාරයේ බිත්තියක් මත නිර්මාණය කර ඇත.
තාත්වික ශෛලියෙන් යුතු වේ.
ෙජ්සු තුමන්්ගේ අචල බව හා සන්සුන් බව ද ගෝලයින්ගේ කැළඹිලි ස්වභාවය, කුතුහලය මුහුණුවලින් හැසිරීම් දක්වන ඉරියව්වලින් නිරූපණය වේ.
සිතුවමේ මධ්‍යයේ ෙජ්සු තුමා දක්වා ඇති අතර, දෙපස ගෝලයන් 06 දෙනා බැගින් 12 දෙනෙකු දැක්වේ.
කියරොස්කූරෝ සිද්ධාන්තයට අනුව තලය මධ්‍යයේ සිටින ෙජ්සුස් වහන්සේ වඩාත් ආලෝකවත් ව මතු කර දක්වා සෙසු රූප අ`දුරු වර්ණමාලාවකින් දක්වා ඇත.
වාස්තු විද්‍යාත්මක අවකාශය රේඛීය පර්යාලෝක ලක්ෂණ සහිත ව දැක්වේ.

පර්වත මස්තකයේ දේව මෑණියෝ

පුනර්ජීවන යුගයේ විසූ ලියනාඩෝ ඩාවින්චි ශිල්පියා විසින් අ`දින ලද සිතුවම කි.
ප්‍රංශයේ ලුවර් කෞතුකාගාරයේ මෙම සිතුවම ප්‍රදර්ශනය කර ඇත.
ස්වාභාවිකවාදී ශෛලියෙන් නිර්මාණය වූව කි.
ත්‍රිකෝණාකාර ආකෘතියකට අනුව රූප සම්පිණ්ඩනය කර ඇත.
කැන්වසය මත තෙල් සායමින් ඇ`දි සිතුවම කි.
දුඹුරු වර්ණයේ විවිධ ප්‍රභේද සහිත ව අ`දුරු වර්ණමාලාවක් යොදා ගෙන ඇති අතර, අ`දුර තුළින් මරියතුමියගේ හා දරුවන්ගේ මුහුණු වඩාත් ආලෝකවත් වේ.
කියරොස්කූරෝ සිද්ධාන්තය වර්ණ ගැන්වීමේ දී අනුගමනය කර ඇත.

මොනාලිසා

පුනර්ජීවන යුගයේ විසූ ලියනාඩෝ ඩාවින්චි ශිල්පියා විසින් අ`දින ලද සිතුවම කි.
ප්‍රංශයේ ලුවර් කෞතුකාගාරයේ මෙම සිතුවම ප්‍රදර්ශනය කර ඇත.
පොප්ලර් නමැති ලීයක තෙල් සායම් මාධ්‍යයෙන් නිම වූව කි.
සිතුවමේ පසු බිම අවකාශාත්මක පර්යාවලෝක ලක්ෂණ සහිත භූමි දර්ශනයක් වේ.
චිත්‍රයේ දැක්වෙන කාන්තා රූපයේ මුහුණට, පපු පෙදෙසට  හා දෙඅත්වලට ත්‍රිකෝණාකාර සම්බන්ධතාවක් ගොඩ න`ගා ගනිමින් ආලෝකය දක්වා ඇත.
මඳ සිනහව හා බැල්ම සිතුවමට දැඩි ආකර්ශනයක් එක් කරයි.

මයිකල් ආන්ජිලෝ 


ඉතාලි පුනර්ජීවන යුගයේ ශිල්පියෙකි.
චිත්‍ර, ගෘහ නිර්මාණ සහ මූර්ති කලාවේ ප්‍රවීණයෙකි.

පියෙටා 


 මිය ගිය ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ගේ අප්‍රාණික සිරුර උකුල මත හොවාගෙන සිටින මරිය මව්තුමිය
මරිය මව්තුමියගේ මුහුණේ සමීප දසුනක්

මිය ගිය ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ගේ මුහුණේ සමීප දසුනක්

මයිකල් ආන්ජිලෝ ශිල්පියා විසින් නිර්මාණය කර ඇති මූර්තියකි.
පුනර්ජීවන යුගයට අයත් ය.
මියගිය ක්‍රිස්තුස් වහන්සේගේ අප්‍රාණික සිරුර මරිය මව්තුමිය විසින් උකුළ මත හොවාගෙන සිටින ආකාරය නිරූපණය කෙරේ.
රෝමයේ ශාන්ත පීතර දෙව් මැ`දුරේ ප්‍රදර්ශනය කර ඇත.
ග්‍රීක, රෝම මූර්ති කලාව ආභාසය හ`දුනාගත හැකි ය.
පූර්ණ උන්නත ව නෙළීමේ ශිල්ප ක්‍රමයට නිිර්මාණය කළ මූර්තිය කි.
තාත්වික (ස්වාභාවිකවාදී) ශෛලිය අනුගමන කර ඇත.
මාතෘත්වය, වේදනාව හා දරා ගැනීම වැනි හැ`ගීම් මූර්තියෙන් ප්‍රකාශ වේ.

ඩේවිඩ්

මයිකල් ආන්ජිලෝ ශිල්පියා විසින් නිර්මාණය කර ඇති මූර්තියකි.
පුනර්ජීවන යුගයට අයත් ය.
කිරි ගරු~ මාධ්‍යයෙන් නිමවූවකි.
ග්‍රීක, රෝම මූර්ති කලාවේ ආභාසය හ`දුනාගත හැකි ය.
මානව දේහයේ සුන්දරත්වය, කඩවසම් බව හා රිද්මය මැනවින් නිරූපණය වන සේ ස්වාභාවිකවාදී ශෛලියෙන් නිරූපණය කර ඇත.
පූර්ණ උන්නත ශිල්ප ක්‍රමයට අයත් ය.
නිර්භීත බව, ධෛර්ය, ශක්තිය වැනි හ`ගීම් මතු කර දක්වයි.



ආදම් මැවීම

පුනර්ජීවන යුගයට අයත් නිර්මාණයකි.
දෙවියන් වහන්සේ විසින් ආදම් මැවීම තේමාව වී ඇත.
රෝමයේ සිස්ටයින් දෙව් මැ`දුරේ වියන් තලයේ ඇති සිතුවමකි.
තාත්වික ශෛලියෙන් ප්‍රෙස්කෝ බුවනෝ ශිල්ප ක්‍රමයට ඇ`ද ඇත.
ග්‍රීක, රෝම කලාවේ ආභාසය හ`දුනාගත හැකි ය.
දෙවියන් වහන්සේගේ මහලූ රූපය හා ආදම්ගේ තාරුණ්‍යයෙන් පිරි ස්වභායට මැනවින් දක්වා ඇත.
දෙවියන් වහන්සේ සාමාන්‍ය මනුෂ්‍ය ස්වරූපයෙන් දැක්වීම, සිතුවමේ කැපී පෙනෛන විශේෂත්වය කි.

අන්තිම විනිශ්චය

මයිකල් ආන්ජිලෝ විසින් නිර්මාණය කර ඇති මෙම නිර්මාණය පුනර්ජීවන යුගයට අයත් ය.
රෝමයේ වතිකානු නගරයේ සිස්ටයින් දෙව් මැ`දුරේ අල්තාරය පිටුපස බිත්තියේ නිර්මාණය කර ඇත.
ප්‍රෙස්කෝ බුවනෝ ශිල්ප ක්‍රමයට අනුව ඇ`ද ඇත.
සිතුවමේ තේමාව ප්‍රධාන කොටස් 03කට ඛෙදා සංරචනය කර ඇත.
- ස්වර්ගය
- මනුලොව
- පරලොව
තාත්වික ශෛලිය අනුගමනය කර ඇත.
දෙවියන් වහන්සේ සාමාන්‍ය මනුෂ්‍ය ස්වරූපයෙන් නිරූපණය කර ඇත.

රෆායල් සන්සියෝ


පුනර්ජීවන (පුබුදු) යුගයේ ශිල්පියෙකි.
මැඩෝනා චිත්‍ර ඇ`දීමේ දක්ෂයෙකි.
ලියෙනාඩෝ ඩාවින්චිගේ සහ මයිකල් ආන්ජිලෝගේ සමකාලීනයෙකි.

ඇතැන්ස් ගුරු කුලය (ඇතැන්ස් පාසල)

රෆායල් සන්සියෝ විසින් නිර්මාණය කර ඇත.
පුනර්ජීවන යුගයට අයත් සිතුවමකි.
රෝමයේ ස්ටෙන්සා ඩොලා සිග්නැචුරා මාලිගයේ බිත්තියක නිර්මාණය කර ඇත.
ප්‍රෙස්කෝ බුවනෝ ශිල්ප ක්‍රමය භාවිත කර ඇත.
බිය, වේදනාව, ආවේගශීලී බව වැනි හැ`ගීම් ප්‍රකාශ වේ.
සොක්‍රටීස්, ප්ලේටෝ, පයිතගරස් වැනි පැරණි ග්‍රීක දාර්ශනිකයන් චිත්‍රයේ නිරූපණය කර ඇත.
දුඹුරු වර්ණයේ විවිධ ප්‍රභේද සම`ග  රඹ, සුදු සහ නිල් වැනි වර්ණ භාවිත කර ඇත.
ක්‍රියාකාරී මානව රූප සම්පිණ්ඩනය, පර්යාවලෝක ලක්ෂණ සහිත ගොඩනැගිලි, ග්‍රීක මූර්ති කලාවේ ලක්ෂණ සහිත ව සිතුවම සංරචනය කර ඇත.

තණ පිටියේ මැඩෝනා

පුබුදු යුගයේ චිත්‍ර ශිල්පියෙකු වන රෆායල් සෙන්සියෝ විසින් නිර්මාණය කරන ලද සිතුවම කි.
ලී පුවරුවක් මත තෙල් සායමින් නිර්මාණය කර ඇත.
වියනාවල කලා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ.
ත්‍රිකෝණාකාර ආකෘතියක් තුළ රූප සංරචනය කර ඇත.
මරිය තුමියගේ කරුණාවන්ත මාතෘත්වයත් ෙජ්සු බිලි`දාගේ මොළකැටි ස්වරූපයත් මැනවින් නිරූපණය වේ.

මැඩෝනා ඩෙලා සේදියා

පුබුදු යුගයේ චිත්‍ර ශිල්පියෙකු වන රෆායල් සෙන්සියෝ විසින් නිර්මාණය කරන ලද සිතුවම කි.
කවාකාර පනේලයක් තුළ රූප ත්‍රිත්වය සම්පිණ්ඩනය කර ඇත.
මානව දේහයේ කායික සුන්දරත්වය මෙන් ම වස්ත්‍රවල විස්තරාත්මක බව මැනවින් දක්වා ඇත.
මරියතුමියගේ කරුණාවන්ත බව හා සෙනෙහෙවන්ත බවත්, ළදරුවාගේ සුරතල් බව හා පුෂ්ටිමත් බවත් තාත්වික ශෛලියෙන්  නිරූපණය කර ඇත.
දීප්තිමත් වර්ණ හා ප්‍රභේද භාවිතයෙන් ත්‍රිමාණත්වය මතු කෙරේ.

ගම්පොළ සහ මහනුවර යුගවල ගෘහ නිර්මාණ, චිත්‍ර සහ මූර්ති


ගඩලාදෙණිය විහාරය



ගම්පොළ යුගයට අයත් ය.
IV වන බුවනෙකබාහු රජතුමා විසින් කරවා ඇත.
ගෙඩිගේ සම්ප්‍රදායට තැනූ විහාරයකි.
දකුණු ඉන්දීය විජයනගර් සම්ප්‍රදායයේ ගෘහ නිර්මාණ ලක්ෂණ සහිත ය.
විජයොත්පාය (ප්‍රධාන චෛත්‍යය වටා පරිවාර චෛත්‍ය සතරක් සහිත ව කර ඇති නිර්මාණයකි), ත්‍රිත්ව ගල් කුලූනු විශේෂ ගෘහ නිර්මාණ අංග වේ.

ගනේෂ්වරාචාර්ය නම් ශිල්පියා විසින් නිර්මාණය කර ඇත.
මහනුවර යුගයේ ප්‍රතිමා ලක්ෂණ සහිත හි`දි බුද්ධ ප්‍රතිමාව සහ මකර තොරණ දැක ගත හැකි ය.

මත්ස්‍යයකු පිට නැග ගත් මිනිසකු හා වෘෂභයකු පිට නැග ගත් මිනිසකු කුලූනු බෙ`ද් ඇති ඇටයම් අතර වේ.
කුලූනු පාදමේ ජීවයෙන් පිරුණු නටන, වයන රූප පෙළකි.


ලංකාතිලක විහාරය (පැන්හල්ගල ගල් තලාවේ ඉදි වූ විහාරය)



ගම්පොළ යුගයට අයත් මෙම විහාරය ඉදි කරවන ලද්දේ IV වන බුවනෙකබාහු රජතුමා විසිනි.
ගඩොල්, හුණු බදාම මාධ්‍ය ලෙස භාවිත කර ඇත. 
පැන්නුම් කුලූනු මෙම විහාරයේ විශේෂිත ගෘහ නිර්මාණ අංගයකි.
මෙම විහාරය අතීතයේ මහල් සතරකින් (04) කින් යුක්ත වී ඇත. වර්තමානයේ දැක ගත හැක්කේ මහල් තුනකි.
ප්‍රතිමා ගෘහයට සම්බන්ධ සමන්, විභීෂණ, උපුල්වන්, කතරගම හා ගණ දෙවියන් ස`දහා කරන ලද දේවාල පහක් (05) කි.
ස්ථපතිරායර් නමැති ශිල්පියකු විසින් නිර්මාණය කර ඇත.
සූවිසි විවරණය, සිව් හංස පූට්ටුව, සොළොස්මස්ථාන, සත් සතිය, සේනාධිලංකාර ඇමති සහ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රූපය සිතුවම් අතර වේ.
බුද්ධ ප්‍රතිමාවේ විශේෂ ලක්ෂණ
- විවෘත දෙනෙත්
- චීවරයේ රැළි තරංගාකාරව (දිය රැළි ආකාරයෙන්) දක්වා තිබීම
- වීරාසන ක්‍රමයට වැඩ සිටීම
- ධ්‍යාන මුද්‍රාවෙන් දෙඅත් දක්වා තිබීම
- උෂ්ණීෂය හා සිරස්පත දැක්වීම

දළදා මාලිගාව

මහනුවර යුගයට අයත් ය.
11 විමලධර්ම සූරිය රජු විසින් කරවන ලද්දකි.
පත්තිරිප්පුව (අටපට්ටම් හැඩැති) විශේෂ ගෘහ නිර්මාණ අංගයකි.
දේවේන්ද්‍ර මූලාචාරීන් විසින් නිර්මාණය කර ඇත.
දළදා මාලිගයේ දක්නට ඇති ත්‍රිකෝණාකාර හැඩැති ස`දකඩපහණ මෙම යුගයේ හො`ද ම ස`දකඩපහණ නිර්මාණවලින් එකකි.
වෙස්සන්තර ජාතකය, සත්සතිය, උරග ජාතකය සිතුවම් දැක ගත හැකි ය.
මැදවල ටැම්පිට විහාරය

මහනුවර යුගයට අයත්, ගල් කණු මත (ටැම් පිට) ඉදි කරන ලද විහාරයකි.
කීර්ති ශ්‍රි රාජසිංහ රජු විසින් කරවා ඇත.
දෙවරගම්පළ සිල්වත් තැන හා සහාය ශිල්පීන්, කොස්වත්තේ සිත්තර නයිදේ සහ නිලගම පටබැන්දා යන ශිල්පීන් නිර්මාණ දායකත්වය ලබා දී ඇත.
වෙස්සන්තර ජාතකය, සුතසෝම ජාතකය, භූමි ස්පර්ශ මුද්‍රාවෙන් යුත් බුදුරුව දැක්වෙන මාර පරාජය සිතුවම් දැක ගත හැකි ය.
වෙස්සන්තර ජාතකයේ ඇලි ඇතුන් දන්දීම සිතුවමේ ඇතුන්ගේ ජංගම ස්වරූපය, සජීවී චලනය හා රිද්මය මැනවින් නිරූපණය කර ඇත.
මාර පරාජය සිතුවමේ තුවක්කුවක් අතින් ගත් මාරයකු දක්වා තිබීමෙන් සමකාලීන සමාජ බලපෑම් නිරූපණය වේ. 
පිහිටි ගලෙහි නෙළා ඇති ස`දකඩපහණ ස`දහා තිරි`ගි තලය මෝස්තරය යොදා ඇත.

දඹුලූ විහාරය (රන්ගිරි දඹුලූ විහාරය)
මහනුවර යුගයට අයත් ලෙන් විහාරයකි.
පළමුවන වළගම්බා රජු විසින් කරවා ඇත.
ලෙන් විහාර පහකින් සමන්විත ය.
- දේව රාජ ලෙන
- මහාරාජ ලෙන
- මහා අලූත් විහාරය
- පශ්චිම විහාරය
- දෙවන අලූත් විහාරය
නිලගම පටබැන්දා සිත්තර පරම්පරාවේ ශිල්පීන් නිර්මාණ දායකත්වය පයා ඇත.
මහනුවර යුගයට අයත් සිතුවම් මෙන් ම අනුරාධපුර යුගයට අයත් සිතුවම් කොටස් ද ඇත.
බෝධි සත්ත්ව චරිත අවස්ථා, සූවිසි විවරණය, ජාතක කතා, මාර පරාජය, විජයාවතරණය, මහින්දාගමනය, ශ්‍රි මහා බෝධිය වැඩම කරවීම, එළාර - දුටු ගැමුණු යුද්ධය වැනි තේමා සිතුවම් අතර වේ.



ඉන්දු නිම්න කලා නිර්මාණ

පූජක රුව

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් මොහෙන්ජෝදාරෝ (මළවුන්ගේ ගොඩැල්ල යන්න මෙහි අරුතයි) නගරයෙන් හමු වී ඇති මූර්තියකි.
සුදු හුණු ගලින් නිර්මාණය කර ඇත.
ශෛලිගත ව නිරූපිත ය.
ගන රැවුල හා මුඩු හිසකේ දක්වා ඇත.
වම් අරය වැසෙන සේ පෙති තුනේ (ත්‍රිපත්‍ර) මල් හෝ කොළ සහිත සාටකයක් වේ.
දිගටි අඩවන් දෙනෙත් හා දෙකන් හිසට ඇලී සිටින සේ දක්වා ඇත.
නළල මත ගාංචුව සහිත නළල් පටියක් වේ.
මෙම මූර්තියෙන් පූජකවරයකුගේ භාවනානුයෝගී ස්වරූපය පෙන්නුම් කර ඇති බව සැලකේ.

නළඟන

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් හරප්පා නගරයෙන් හමු වී ඇති මූර්තියකි.
ලෝකඩ මාධ්‍යයෙන් වාත්තු කිරීමේ ශිල්ප ක්‍රමයට අනුව නිර්මාණය කර ඇත.
නග්න ස්වරූපයෙන් දක්වා ඇත.
කෙසඟ සිරුර, කාන්තා නාරි ලාලිත්‍යය මනාව දක්වා තිබේ.
අඩවන් දෙනෙතින් හා ප්‍රකෝපකාරී ඉරියව්වකින් යුක්ත ය.
මෙම මූර්තියෙන් දෙවොලක රඟන ස්ත්‍රියක් නිරූපණය වේ යැයි සැලකේ.
වර්තමානයේ නව දිල්ලි ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර ඇත.

රතු වැලි ගලින් කළ කවන්ධ රුව

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් හරප්පා නගරයෙන් හමු වී ඇති මූර්තියකි.
රතු වැලි ගලින් නිර්මාණය කර ඇත.
ග්‍රීක සම්භාව්‍ය කෘතිවල ලක්ෂණවලට සමාන ලක්ෂණ හ`දුනාගත හැකි ය.
මානව දේහයේ සුන්දරත්වය ඉතා සියුම් ව දක්වා ඇත.
නග්න රුවකි.
අත්, පා, හිස කොටස් නොමැති ය (කවන්ධ).
ආරෝහ පරිණාහ පුරුෂ ලක්ෂණවලින් යුක්ත ය.
පූර්ණ උන්නත ශිල්ප ක්‍රමයෙන් නිර්මාණය කළ මූර්තිය කි.
ශිව දෙවියන්ගේ මූලාදර්ශ නිර්මාණයක් ලෙස සැලකේ.




නර්තන ඉරියවුවෙන් යුත් කවන්ධ රුව

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් හරප්පා නගරයෙන් හමු වී ඇති මූර්තියකි.
අ`ඵ වැලි ගලින් නිර්මානය කර ඇත.
නර්තන විලාසයක් පෙන්නුම් කරයි.
ග්‍රීක සම්භාව්‍ය කෘතිවල ලක්ෂණවලට සමාන ලක්ෂණ හ`දුනාගත හැකි ය.
ශිව දෙවියන්ගේ නර්තන විලාසයක් වන නටරාජා නිරූපණය වන බවට මතයකි.

මුද්‍රා

මොල්ලිය සහිත ගව රුව

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් නිර්මාණයකි.
ගවයාගේ ස්වභාවය තාත්වික ව නිරූපණය කෙරේ.
ඛෙල්ලේ රැළි ශෛලිගත ව දක්වා ඇත.
පාර්ශ්වදර්ශී ස්වරූපයෙන් යුතු ය.
ශක්තිය, තේජස, ජව සම්පන්න බව හො`දින් පිළිබිඹු වේ.
ශිව දෙවියන්ගේ වාහනය වූ නන්දි ගවයා බව සැලකේ.

අං සහිත දෙවියා

දේවරූපයේ හිස මත අං යුගලකින් යුත් ශීර්ෂාභරණයක් වේ.
ආසනයට පහළින් මුවෝ දෙදෙනෙකි.
දේව රූපය වටා රයිනෝ, වෘෂභ, හස්ති සහ කොටි රූප දැක ගත හැකි ය.
දේව රූපය ඉදිරි පෙනුමෙන් ද සෙසු රූප පාර්ශ්වදර්ශීව ද දක්වා ඇත.
ශිව දෙවියන්ගේ මූලාදර්ශයක් බව සර් ජෝන් මාෂල්ගේ මතය යි.


ඊජිප්තු (මිසර) කලා නිර්මාණ

ස්ෆිනික්ස් ප්‍රතිමාව

ඊජිප්තු ශිෂ්ටාචාරයට අයත් (නයිල් ගංගාධාරයේ ශිෂ්ටාචාරය) නිර්මාණයකි.
ග්‍රැනේට් පාෂාණයෙන් නිර්මාණය කර ඇත.
ගීසාහි කුෆු පිරමීඩය ඉදිරිපිට දැක ගත හැකි ය.
ස්ෆිනික්ස් නිර්මාණයෙන් පාරාවෝ රජවරුන්ගේ තෙද බලය, ආරක්ෂාව නිරූපණය කර ඇත.
සිංහ ශරීරය හා මිනිස් හිසක් සහිත ව ප්‍රතිමාව සංරචනය කර තිබේ.
ඊජිප්තු කලාවේ කල්පිත මූර්ති කලාවට හො`ද ම නිදසුනකි.



ස්ක්‍රයිබ් (ලියන්නා) මූර්තිය

ඊජිප්තු මූර්ති කලාවේ පැරණි යුගයට අයත් නිර්මාණයකි.
හුණුගලින් නිර්මාණය කර ඇත.
ක්‍රිස්ටල් නමැති ගල් විශේෂය දෙඇස්වලට ඔබ්බවා ඇත.
ප්‍රංශයේ ලුවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ.
සක්කාරා නැමැති ප්‍රදේශයේ සොහොන් ගෙයකින් හමු වූවකි.
ත්‍රිකෝණාකාර සම්පිණ්ඩනයකින් යුක්ත ය.
හැ`ගීම්බර සජීවී ලක්ෂණ සහිත ය.
පූර්ණ උන්නත ශිල්ප ක්‍රමයෙන් කළ මූර්තිය කි.

නෙෆර්ටිටි උඩුකය මුර්තිය

ඊජිප්තු ශිෂ්ටාචාරයේ අමර්ණා යුගයට (නව රාජධානි යුගයට) අයත් මූර්ති නිර්මාණයකි.
නිර්මාණය ස`දහා හුණුගල් මාධ්‍යය භාවිත කර ඇත.
එංගලන්තයේ බර්ලින් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ.
පූර්ණ උන්නත ශිල්ප ක්‍රමයෙන් කළ මූර්තියකි.
ස්වාභාවික ශෛලීය ලක්ෂණ සහිත ය.
අක්නේටන් රජුගේ බිරි`දගේ රුව මෙම මූර්තියෙන් නිරූපණය වන බව සැලකේ.

මීඩම්හි පාත්තයෝ

ඊජිප්තුවේ මීඩම් ප්‍රදේශයේ මස්ටාබා වර්ගයේ සොහොන් ගෙයකින් හමු වූ සිතුවමකි.
පැරණි රාජධානි යුගයට අයත් ය.
පාත්තයින් සය දෙනෙකුගෙන් යුත් සංරචනයකි.
ක`ඵ, සුදු, දුඹුරු, අ`දුරු කහ වැනි වර්ණවල ප්‍රභේද යොදාගෙන ඇත.
රේඛාවෙන් සියුම් විස්තර දක්වා ඇත.
ත්‍රිමාණ ලක්ෂණ මතු වන සේ වර්ණ හා රේඛා භාවිතය හ`දුනාගත හැකි ය.
ස්වාභාවික ශෛලීය ලක්ෂණ සහිත ය.
පාත්තයන්ගේ ස්වාභාවික හැසිරීම් රටාව නිරූපනය කර ඇත.

කුරුලූ දඩයම
තීබස්වල නෙබාමූන් නමැති සොහොන් ගැඛෙන් හමු වී ඇත. වර්තමානයේ එංගලන්තයේ ලන්ඩන් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ.
වංශාධිපති නෙබාමූන් ඔරුවක නැ`ගී නයිල් නදියේ කුරුල්ලන් දඩයම් කරන අයුරු දැක්වේ.
වියළි බදාමය මත ප්‍රෙස්කෝ සිකෝ ක්‍රමයට ඇ`ද ඇත.
අ`දුරු කහ, රතු, සුදු, කළු, නිල් යන වර්ණ භාවිත කර ඇත.
චිත්‍රයේ පසුබිමේ හයිරොක්ලිපික්ස් :්‍යසැරදටකහචයසජි- හෙවත් රූපාක්ෂර දැක ගත හැකි ය. නෙබාමුන් වංශාධිපතිවරයා භූමරංගයක් අතැති ව කුරුලූ දඩයමේ යෙදේ. ඔහුගේ බිරි`ද හා දියණිය යැයි සැලකෙන කාන්තා රූප දෙකක් ද සිතුවමේ වේ.
මානව රූප ශෛලිගත ව හා පාර්ශ්වදර්ශී ව ද සත්ත්ව රූප හා ශාක කොටස් ස්වාභාවික ව ද චිත්‍රණය කර ඇත.
මෙය තීරු චිත්‍ර සංරචනයකි.

කවපෙත්ත විසිකරන්නා

ග්‍රීක සම්භාව්‍ය යුගයට අයත් නිර්මාණය කි.
කිරි ගරු`ඩ මාධ්‍යයෙන් කළ මූර්ණ උන්නත මූර්තිය කි.
මෙහි මුල් කෘතිය ලෝකඩ මාධ්‍යයෙන් නිර්මාණය වූවකි.
මයිරන් නැමැති ශිල්පියා විසින් කර ඇත.
කවපෙත්ත විසි කිරීමට සූදානම් වන ක්‍රීඩකයකුගේ ඉරියව්වක් මූර්තියට වස්තු විෂය වී ඇත.
පිරිමියකු සතු කායික ජවය, චලනය මෙන් ම සිරුරේ සමබරතාව හා රිද්මය ඉතා හො`දින් නිරූපණය කෙරේ.
ඉංග්‍රීසි හෝඩියේ ී අකුරේ හැඩය අනුව මූර්තියේ ඉරියව්ව දක්වා ඇත.

ඇතීනා දෙව`ගන

ක්‍රි. පූ. 05වන සියවසට අයත් ග්‍රීක සම්භාව්‍ය යුගයේ මූර්තිය කි.
දැවයෙන් නිමවා ඇත් දළින් හා රනින් ආවරණය කර ඇත.
පීඩියාස් නමැති ශිල්පියාගේ නිර්මාණයකි.
වම් අතින් හෙල්ලක් හා පළිහක් දරා සිටී.
දකුණු අතින් නයිකි හෙවත් විජයග්‍රහණයේ දේවතා රුව දරා සිටී.
ප්‍රතාපවත් බව, රණශ+රත්වය, එඩිතර බව, සෘජු බව සහිත ය.
පළිහ, පාදම, හිස් වැස්ම, පාවහන් ග්‍රීක පැරණි ජනප්‍රවාද දර්ශනවලින් අලංකාර කර ඇත.

ලැඔකූන්

ග්‍රීක හෙලනිස්ටික යුගයට අයත් සමූහ මූර්තියකි.
කිරි ගරු`ඩ මාධ්‍යයෙන් නිර්මාණය කර ඇත.
යථාර්ථවාදී ශෛලීය ලක්ෂණ දැක ගත හැකි ය.
මුහුදු සර්පයෙකු වෙලාගත් පියකු සහ පුතුන් දෙදෙනකු බේරිමට ගන්නා උත්සාහය භාවාත්මක ව නිරූපණය කර ඇත.
රෝමයේ වතිකානු කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ.



5 comments:

  1. this site helped us a lot. thank you soooo much
    grate work

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. It's really good page I got answers for all my questions keep it up

    ReplyDelete
  4. මට ගොඩක් උපකාරී වුනා
    මන් හිතනව අනිත් 10 ශ්‍රේණියේ ලමයින්ටත් උපකාරී වෙයි කියල

    ReplyDelete
  5. මෙක ගොඩක් හොඳයි ඉස්සරහටත් කරන්න ❤️

    ReplyDelete